Gossips

ක්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක්වෙයි, කොදෙව් තරඟාවලියේදී ශ්‍රී ලංකා පිල දැඩි අර්බුදයක

ක්‍රීඩකයින් රැසක් ආබාධ වලට ලක්වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලවකවානුවේදී දැඩි අර්බුදයකට ලක්වුණා.
තවමත් එම ගැටලුව විසදී නැති අතර දැන් පැවැත්වෙන අන්තර් පළාත් තරගාවලියද ක්‍රීඩකයින් කිහිපදෙනකුට අබාධ නිසා අහිමි වී තිබෙනවා.
ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත්, අසේල ගුණරත්න, සුරංග ලක්මාල්, ෂෙහාන් මධුශංක සහ නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින් අබාධ හේතුවෙන් තවමත් පළාත් තරඟාවලියේ එකදු තරඟයක්වත් ක්‍රීඩා කර නැහැ.
එමෙන්ම පළාත් තරඟාවලිය අතරතුර දුෂ්මන්ත චමීර සහ ධනුෂ්ක ගුණතිලක අබාධවලට ලක්වුණා.
මේ නිසා ඔවුන්ට ද යළි සුවය ලැබීමට කාලයක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ නිසා මේ අතරින් ඇතැම් ක්‍රීඩකයින් ලබන ජුනි මාසයේදී ආරම්භවන බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරයට එක්කරගැනීම තවමත් අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ.