Gossips

ක්‍රිස් ගේල් කොදෙව් කණ්ඩායමෙන් ඉල්ලා අස්වෙයි

ක්‍රිකට් ලොව සුපිරි ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් කෙටි කලකට කොදෙව් කණ්ඩායමෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පෞද්ගලික හේතුවක් මත එම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස සහ එක්දින තරඟාවලි සඳහා සුපිරි ක්‍රීඩක ගේල් කොදෙව් කණ්ඩායමට ඇතුලත් කිරීමට නියමිත බවටයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ.
එවැනි වාතාවරණයකදී තමන් කෙටි කලකට කණ්ඩායමේ ඉවත්ව සිටින බවට ගේල් සිදුකර ඇති දැනුම්දීම වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දීය සංචාරයෙන් අනතුරව කොදෙව් කණ්ඩායමේ බංගලාදේශ සංචාරය සඳහා ද තමන් එක්නොවන බවයි.
කෙසේ වෙතත් තමන් එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ එක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවයි ගේල් පවසන්නේ.
මේ අතර අයි.පී.එල් තරඟාවලිය බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි අහිතකර බලපෑමක් සිදුකර ඇති බව ප්‍රවීන කොදෙව් ක්‍රීඩක කාල් හූපර් පසුගියදිනක ප්‍රකාශ කළා .
බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඉන්දීය සංචාරයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීම සඳහා පැමිණි ඔහු සඳහන් කළේ ක්‍රිස් ගේල්, ඩ්වේන් බ්‍රාවෝ, කයිරන් පොලාඩ්, සුනිල් නාරායන් වැනි ප්‍රබල ක්‍රීඩකයන් ඒ නිසා සිය ටෙස්ට් කණ්ඩායමට අහිමි වී ඇති බවයි.
අයි.පී.එල් කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීම ඉලක්කය කර ගැනීම හේතුවෙන් කොදෙව් පිලට යොවුන් ක්‍රීඩකයන් අහිිමි වන බව ඔහුගේ අදහසයි.
කෙසේ වෙතත් ඉන්දියාවට එරෙහි විස්සයි විස්ස තරඟාවලියේදී වසර දෙකකට පසුව යළිත් darren bravo පිටියට පිවිසීමට නියමිත බවයි එම වාර්තා පෙන්වාදෙන්නේ.
එසේම වසරකට පසුව කණ්ඩායමට එක්වීමට සුපිරි මැදපෙළ පිතිකරු Kieron Pollard ට අවස්ථාව හිමිවීමද විශේෂත්වයක්.