Gossips

ක්‍රිස් ගේල්ගේ පිත්ත යළි ක්‍රියාත්මක වෙයි – හයේ වැස්සක් සමඟින් පන්දු 27කදී සුපිරි ඉනිමක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ ඊයේ පැවැති පස්වන එක්දින තරඟයෙන් ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
ඔවුන් මෙම තරඟය ජය ගත්තේ කඩුලු 07කින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 113කට සීමා කීරීමට කොදෙව් පන්දු යවන්නන් සමත්වුණා.
ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව් ක්‍රීඩකයන්, ක්‍රිස් ගේල්ගේ ප්‍රවේගකාරී පිතිකරණය හමුවේ එම ඉලක්කය පන්දුවාර 12කදී පසුකර ගියා.
ක්‍රිස් ගේල් පන්දු 27කදී වේගවත් ලකුණු 77ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 09ක් සහ හතරේ පහර 05ක් ඇතුළත්.
එහිදී ගේල් සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 19කින් වීම විශේෂත්වයක්.
එක්දින තරඟයක කොදෙව් පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය ලෙස ද මෙය වනවා.
තරඟාවලිය තුල පිත්තෙන් දස්කම් දැක්වූ ක්‍රිස් ගේල් තරඟාවලියේ වීරයා බවට පත්වූ අතර එංගලන්ත කඩුලු 05ක් බිඳ දැමූ ඔෂේන් තෝමස් අවසන් තරඟයේ වීරයා සම්මානය හිමිකරගත්තා.
තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ දෙකට දෙකක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා.