Gossips

ක්‍රිකට් හිටපු සභාපතිවරුන් ක්‍රීඩා ඇමති හමුවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපතිවරුන් වන අමාත්‍ය අර්ජුන රණතුංග, ජයන්ත ධර්මදාස, ආනා පුංචිහේවා සහ සිදත් වෙත්තමුණි අද ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මුණගැසී සාකච්ඡාවක නිරතවුණා.
පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශයේ පැවති එම සාකච්ඡාවේදී වත්මන් ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා දැනුම්වත් කළ බවයි ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග සහ හිටපු ක්‍රිකට් සභාපතිවරයෙකු වන සිදත් වෙත්තමුණි කියා සිටියේ.