Gossips

ක්‍රිකට් වීඩියෝ පටය ගැන කළමනාකරුගෙන් වාර්තාවක් කැඳවයි

දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු ටෙස්ට් තරගය විශිෂ්ඨ ලෙස ජයගැනීමෙන් අනතුරුව කිී‍්‍රඩක විවේකාගාරය තුළදි ශ්‍රී ලංකා කණ්ඩායමේ කිී‍්‍රඩකයින් දැක්වු අදහස් ඇතුලත් ආන්දෝලනාත්මක විඩියෝ පටය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කිි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.
සමාජ මාධ්‍ය තුළ සැරිසරන අදාල විඩියෝ පටය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුගෙන් වාර්තාවක් කැඳවීමට තීරණය කළ බවයි අප කළ විමසීමකදී ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා කියා සිටියේ.
වාර්තාව ලැබුණුු පසු ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු ටෙස්ට් තරඟය විශිෂ්ඨ ලෙස ජයගැනීමෙන් අනතුරුව ක්‍රීඩක විවේගාරය තුළදී කුසල් ජනිත් පෙරේරා සහ සුරංග ලක්මාල් දැක්වූ අදහස් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරමින් පවතිනවා.