Gossips

ක්‍රිකට් වැඩකරුවන් දෙන්නා මීලඟ මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කරයි

කැප්ටන් කූල් යන අන්වර්ථ නාමයෙන් ලොවම පිළිගත් හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි සහ ගෞතම් ගම්භීර් 2019 ඉන්දීය මහා මැතිවරණයට තරඟ වැදීමට සුදානම් වන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
2011 ලෝක කුසලානය දිනු ඉන්දීය කණ්ඩායමේ නායකයා දෝනි සහ ප්‍රබල පිතිකරුවකු වූ ගම්භීර් දේශපාලනයට පිවිසීමට සුදානම් වන්නේ.
ඉන්දියාවෙන් බිහි වූ සාර්ථකම නායකයෙකු වන දෝනි දේශපාලනයට පිවිසීමට සුදානම් වන්නේ සිය ගම් පළාත වන ජහර්කාන්ද් ප්‍රාන්තයෙන්.
ගම්භීර් ඉන්දියාවේ පරිපාලන නගරය වන දිල්හි ප්‍රාන්තයෙන් දේශපාලනයට පිවිසීමටයි සුදානම් වන්නේ.