Gossips

ක්‍රිකට් ලෝකය ම මවිත කරමින් ඉතිහාසයට එක්වූ අලුත් ම හයේ පහර

නවසීලන්තයේ පැවති දේශීය ක්‍රිකට් තරඟයක් අතරතුර ක්‍රීඩකයෙක් එල්ලකළ පහරක් වෙත මේ වනවිට ලෝකයේ ම අවධානය යොමුව තිබෙනවා.
මෙම අපූරු සිදුවීම වන්නේ Auckland සහ Canterbury කණ්ඩායම් අතර පැවති Ford Trophy ක්‍රිකට් තරඟාවලියේ තරඟයක් අතරතුරදීයි.
එහිදී සිදුවන්නේ Auckland කණ්ඩායමේ Jeet Raval විසින් එල්ලකළ වේගවත් පහරක් පන්දු යැවූ ක්‍රීඩක Andrew Ellis ගේ හිසේ වැදී හතරේ සීමාව පසුකර යාමයි.
කෙසේ වෙතත් එම අවස්ථාවේ කඩිනමින් පන්දු යැවූ ක්‍රීඩකයා වෛද්‍යවරුන් විසින් පරීක්ෂාවකට ලක්කරන අතර ඔහුට ඉන් හානියක් සිදුනොවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
එහිදී විනිසුරු විසින් එය හතරේ පහරක් ලෙස සංඥා කලද පසුව එය හයේ පහරක් බව තහවුරු වූවා.
ලෝකෙ ම මවිත වූ එම අමුතු හයේ පහර පහතින්.
එම තරඟයේ සම්පූර්ණ ලකුණු සටහන පහතින්.