Gossips

ක්‍රිකට් පිටිය හෙල්ලූ සුපිරි ඉන්දීය ක්‍රීඩකයා හදිසියේම ක්‍රිකට් පිටියට සමුදෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු මැදපෙළ පිතිකරුවෙකු වන සුබ්‍රමණියම් භද්‍රිනාත් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
තමිල්නාඩු ක්‍රිකට් සංගම් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සුබ්‍රමණියම් සිය සමු ගැනීම නිල වශයෙන් නිවේදනය කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
2008 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව දඹුල්ලේදී, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ඔහු ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 02ක් එක්දින තරඟ 07ක් සහ එක් පන්දුවාර 20 තරඟයක් ක්‍රීඩාකර තිබෙනවා.
2011 වසරෙන් පසු සුබ්‍රමණියම් භද්‍රිනාත්ට ඉන්දීය කණ්ඩායමේ ස්ථානයක් හිමි වුයේ නැහැ.
භද්‍රානාත් පළමු පෙළ තරඟ 145කට ක්‍රීඩාකර පළමු පෙළ ලකුණු 10,245ක් රැස්කරගෙන සිටින අතර එයට ශතක 32ක් සහ අර්ධ ශතක 45ක් ඇතුළත්.
ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ මොහු එහිදී ඉහළ දක්ෂතා දක්වනු ලැබුවා.