Gossips

ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යුගල රංගන සමඟ අජන්ත පුහුණුකරුවන් වෙයි

ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යුගල රංගන සමඟ අජන්ත පුහුණුකරුවන් වෙයි "
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධීක්ෂණය යටතේ පුහුණුකරුවන් සඳහා තුන්වන අදියරේ (Level 3) පුහුණුකරණ පාඨමාලාවක් ඊයේ (06) ශ්‍රී ලංකාවේදී ආරම්භ වූවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන්ගේ අධ්‍යාපන ඒකකයයි මෙය සංවිධානය කරන්නේ.
මෙම පුහුණු පාඨමාලාව සඳහා පසුගියදා ක්‍රිකට් පිටියට සමුදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් එක්ව සිටීම බොහෝදෙනෙකුගේ අවධානයට ලක්වූවා.
ඒ සඳහා පුහුණුකරුවන් 24 දෙනෙකු සහභාගී වී සිටි අතර ඉන් 19 දෙනෙකුම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් වීම විශේෂත්වයක්.
එම ක්‍රීඩකයන් 19 දෙනා පහතින්.
රංගන හේරත්
ධම්මික ප්‍රසාද්
චාමර සිල්වා
අජන්ත මෙන්ඩිස්
රවින්ද්‍ර පුෂ්පකුමාරා
චමිල ගමගේ
දර්ශණ ගමගේ
ජෙහාන් මුබාරක්
ගයාන් විජේකෝන්
සජීව ද සිල්වා
සජීව වීරකෝන්
නිරෝෂන් බණ්ඩාරතිලක
සමන් ජයන්ත
මුතුමුදලිගේ පුෂ්පකුමාර
සචිත් පතිරණ
තිළිණ කණ්ඩම්බි
මලින්ද වර්ණපුර
ඉන්දික ද සේරම්
මෙම පුහුණුකරණ පාඨමාලාව දින 6ක් පුරා එන්.සී.සී (NCC) ක්‍රීඩා පරිශ්‍රයේදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
අදාළ පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පුහුණුකරුවන් වන සියාඩ් පාකර්,ඈෂ්ලි රෝස්,සහ රෝලන්ඩ් ලෙෆ්බ්‍ විසින්.
මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු ඒකකයේ හේෂාන් ද මෙල් සහ පුහුණුකරුවන්ගේ අධ්‍යාපන ඒකකයේ පුහුණුකරු තාරක සමරතුංග ද දායකත්වය සපයනු ඇති.