Gossips

ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම නවක ක්‍රිකට් කණ්ඩායමකට යටවෙයි

ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම නවක ක්‍රිකට් කණ්ඩායමකට යටවෙයි "
ICCයේ විස්සයි විස්ස නවතම ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණීමට පකිස්තානය සමත්ව තිබෙනවා.
ඒ අද දිනයට ICCයේ ශ්‍රේණිගත කිරීම්හි අද (02) නවතම යාවත්කාලීන කිරීම්වලට අනුවයි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව පසුකරමින් නැගී එන කණ්ඩායමක් පෙරමුණ ගැනීමයි.
මෙලෙස ශ්‍රී ලංකාව පසුකරගොස් ඇත්තේ පසුගිය දිනවල ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය ආක්‍රමණය කළ නැගී එන කණ්ඩායමක් වන ඇෆ්ගනිස්තානයයි.
ඒ අනුව ප්‍රසාද ලකුණු 87ක් ලබාගනිමින් ඇෆ්ගනිස්ථානය මේ වනවිට අටවැනි ස්ථානයේ පසුවනවා.
ලකුණු 85ක් සමගින් එම ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව පසුවන්නේ 9 වැනි ස්ථානයේයි.
මේ අතර ICC යේ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි 6 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි ඊයේ (01) සිදුකළ යාවත්කාලීන කිරීම්වලට අනුවයි ශ්‍රී ලංකාව එහි 06 වන ස්ථානයේ පසුවන්නේ.
එම ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමිව ඇත්තේ ඉන්දීය කණ්ඩායමටයි.
නවතම ශ්‍රේණිගත කිරීම් හි කොදෙව් කණ්ඩායම අභිබවා යාමට නැගී එන බංගලාදේශ කණ්ඩායම සමත්ව තිබීම විශේෂත්වයක්.
ඒ අනුව බංගලාදේශ කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි හිමිකරගෙන සිටින්නේ 08 වන ස්ථානයයි.
නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් පහතින්.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් පහතින්.