Gossips

ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කරමින් තනි කකුළෙන් ගහපු සුපිරි හය

මේ දිනවල ක්‍රිකට් ලෝකයේ බොහෝදෙනකුගේ අවධානය යොමුව ඇත්තේ පකිස්තාන සුපර් ලීග් තරඟාවලිය වෙතයි.
කෙසේ වෙතත් ඊයේ පැවති 10 වන තරඟයේ සිදුවූ සුවිශේෂ සිදුවීමක් හේතුවෙන් PSL වෙත ඇති ආකර්ෂණය තවත් ඉහලගොස් තිබෙනවා.
ඊයේ තරඟය පැවැත්වුනේ eshawar Zalmi සහ Quetta Gladiators කණ්ඩායම් අතරයි.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Quetta Gladiators පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 141ක්.
පිළිතුරු ඉනිම ආරම්භ කළ eshawar Zalmi කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4 කදී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
ඒ අනුව eshawar Zalmi පන්දු 2ක් ඉතිරිව තිබියදී තරඟයේ ජය හිමිකරගත්තේ කඩුලු 5 ක් අතැතිවයි.
කෙසේ වෙතත් ඊයේ තරඟයේ සියල්ලන්ගේ අවධානය යොමුවූ හදගැස්ම වැඩිකළ පන්දුවාරය අවසන් පන්දුවාරයයි.
එහිදී සුපිරි පිතිකරු කණ්ඩායමේ නායක DJG Sammy පාදයේ ආබාධයකට ලක්වූයේ කිසිවෙකු නොසිතූ ලෙසයි.
එසේ වුවද තම නායකත්වයේ වගකීම මෙන්ම පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට ඉටුවියයුතු යුතුකම සහ වගකීම අත්නොහළ Sammy නොසැලී පන්දුවට පහරදුන්නා.
එහිදී ඔවුන් දැඩි අවදානමකට මුහුණදුන්නේ අනෙක් ක්‍රීඩකයාට පිතිකරණ අන්තය ලබාදීමට නොහැකිවීම හේතුවෙන්.
කෙසේ වෙතත් ලද අභියෝගයට නොසැලී මුහුණදුන් නායකයා පන්දු 2 ක් ඉතිරිව තිබියදී කල්යල් බලා එල්ලකළ දැවැන්ත හයේ පහර සියලු ප්‍රේක්ෂකයන් අසුනෙන් නැගී සිටින්න තරම් විශිෂ්ඨ වූවා.
මේ වනවිට ලෝකයේ ම අවධානය යොමුව ඇති කිසිවෙකු නොසිතූ තරඟ ජයග්‍රහණයක් තම කණ්ඩායමට ලබාදුන් එම සුපිරි අවසන් පන්දුවාරය පහතින්.
rnrn