Gossips

ක්‍රිකට් පිටියේ සුපිරි වමත් ප්‍රහාරකයා එක්දින පිටියට සමුදීම නිවේදනය කරයි

එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව තමන් එක්දින ක්‍රිකට් තරගවලින් විශ්‍රාම ගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ප්‍රකාශ කළා.
එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක්‍රිස්ගේල් ඒ පිළිබඳව නිල වශයෙන් තමන් වෙත දැනුම්දෙනු ලැබූ බව ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් තබමින් සනාථ කර සිටියා.
පෞද්ගලික හේතුවක් මත ඉකුත් වසරේදී ඉන්දියාව සමඟ පැවති එක්දින තරඟාවලියෙන් අනතුරුව බටහිර ඉන්දීය කණ්ඩායම නියෝජනය නොකළ ක්‍රිස්ගේල් එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලියේ පළමු තරග දෙක සඳහා නම් කරන ලද සංචිතයට මේ වනවිටත් ඇතුළත් කර ඇති බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් එක්දින තරගවලදී වාර්තාගත ශතක විසි තුනක් සමගීන් ලකුණු 9727 ක් රැස් කර සිටින මෙම සුපිරි වමත් පිතිකරුවා දෙවැනි වන්නේ බ්‍රයන් ලාරාට පමණයි.
ලාරා එක්දින තරගවලදී සිය රට වෙනුවෙන් ලකුණු 10,405 ක් රැස් කර තිබෙනවා.