Gossips

ක්‍රිකට් පිටියේ වාර්තා පොත් අලුත් කෙරූ චීන ක්‍රිකට් කණ්ඩායම

කාන්තා පන්දුවාර විස්සයි විස්ස තරඟ ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම ලෙස චීන කාන්තා කණ්ඩායම වාර්තා පොත් අතරට අද (14) එක්වුණා.
තායිලන්තයේ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යට එරෙහිව පැවැති තරඟයකදියි ඔවුන් මෙම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස් ඇත්තේ.
එහිදී චීන කාන්තා කණ්ඩායමට පන්දුවාර 10ක් තුළදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වී ඇත්තේ ලකුණු 14කි.
ක්‍රීඩිකාවන් හය දෙනෙකුම ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයක්.
චීන ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වී ඇත්තේ ලකුණු 04කි.
ඔවුන්ගේ මුළු ඉනිම අවසන් වීමට ගත වී ඇත්තේ මිනිත්තු 48ක් වැනි කාලයක් බවයි ක්‍රීඩා වාර්තා සඳහන් කරන්නේ.
මේ අතර එම තරඟාවලියේදී කාන්තා කණ්ඩායමක් විස්සයි විස්ස තරඟයක වැඩිම ලකුණු සංඛ්‍යාවකින් තරගයක් ජයග්‍රහණය කිරීමේ වාර්තාව තමන් සතු කරගැනීමට එක්සත් අරාබි එමීර් කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා.
එම තරඟය එක්සත් අරාබි එමීර් කාන්තා පිල ජය ගෙන ඇත්තේ ලකුණු 189කින්.