Gossips

ක්‍රිකට් නිළවරණයට අදාළ අභියාචනා කමිටුව පත් කිරීමට නීති උපදෙස් පතයි

ක්‍රිකට් නිළවරණයට අදාළ අභියාචනා කමිටුව පත් කිරීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය පෙබරවාරි 7 වන දා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
දැනට නිළවරණ කමිටුව වෙත ලබාදී ඇති නාම යෝජනා සම්බන්ධයෙන් වන විරෝධතා ජනවාරි 7 වනදා ඉදිරිපත් කළ හැකියි.
ඊට අදාළ විමර්ශන ලබන 11 වනදා සහ 12 වනදා යන දිනවලදී සිදුකෙරෙන බවයි ක්‍රිකට් නිළවරණ කමිටුවේ සභාපති ටී.ඩබ්ලිව්.ඩී.සී. ජයතිලක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ඒ අනුව පිළිගත් අපේක්ෂක ලැයිස්තුව 14 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.