Gossips

ක්‍රිකට් නිලවරණය දෙසැම්බර් 31 ට පෙර

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය දෙසැම්බර් 31 වැනිදාට පෙර පැවැත්වීමට තමන් කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළා.
ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවීම සඳහා ඉන්දුනිසීයාවට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියා.
‘‘ මගේ ලේකම් තමයි ප්‍රධාන නිලධාරිගඊට අමතරව තව හතර දෙනෙක් පත් කරන්න කිව්වා. පරිපාලන කටයුතුවලදී ලේකම් තුමාට උදව් කරන්න තමයි ඒ හතරදෙනා පත්වෙන්නේ. මේ කිසි සේත්ම අතුරු කමිටුවක් නෙවෙයි. ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ නොවූ පුද්ගලයෝ තමයි පත්කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. දැන් මට පෙබරවාරි නව වෙනිදා වෙනකල් කල් දුන්නත් දෙසැම්බර් අග වෙන්න කලින් චන්දෙ තියන්න කටයුතු කරන්න පුළුවන් වෙයි කියලයි මගේ විශ්වාසය’’
ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි සත් සාමාජික රග්බි තරගාවලියේ සිව්වන ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත්වුණා. අ
වසන් පූර්ව වටයේදී ජපානයට තියුණු තරගයක් ලබාදී ලකුණු 12 ට 10 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකා පිල, ලෝකඩ පදක්කම සඳහා තරග වැදුණේ කොරියාව සමඟයි.
එහිදී කොරියාව ලකුණු 36 ට 14 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් කළා.
ඒ අනුව ශ්‍රී ලංකාවට මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කමක් ජයග්‍රහණය කිරීමට තිබූ අවසන් අවස්ථාවද අහිමිවුණා.
පිරිමි රග්බි ඉසව්වේ රන් පදක්කම හිමිවූයේ ජපානය 14 ට බින්දුවක් ලෙස පරාජයට පත් කළ හොංකොං පිලටයි.