Gossips

ක්‍රිකට් නිලවරණය තෙක් අන්තර්වාර කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වෙන තෙක් වර්තමාන නිලධාරී මණ්ඩලය අන්තර්වාර කමිටුවක් ලෙසට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යංශයයි මේ බව සඳහන් කළේ.
නාම යෝජනා ගැටළුවක් හේතුවෙන් මැයි 19 වන දාට යෙදී තිබූ ක්‍රිකට් නිලවරණය කල් දමනු ලැබුවා.
ක්‍රීඩා අමාත්‍යාංශයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේ ඒ සඳහා වෙනත් දිනයක් ඉදිරියේදී නම් කරනු ඇති බවයි.