Gossips

ක්‍රිකට් නිලවරණය කල් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් නිලවරණය කල් දැමීමට වැඩ බලන ක්‍රීඩා අමාත්‍ය ෆසිසර් මුස්තාපා තීරණය කර තිබෙනවා.
ඊට හේතුව වී තිබෙන්නේ නිලවරණ කමිටුව පත් කිරීමේදී සිදුකර තිබෙන දෝෂයක් නිසා බවයි වාර්තා වන්නේ.
එම කමිටුව පත් කිරීම සඳහා හිටපු ක්‍රීඩා ඇමතිවරයාගේ අවසරය හිමිවී තිබුණා.
නමුත් නව ක්‍රීඩා ඇමතිවරයා එම ක්‍රමය ව්‍යවස්ථාවට පටහැනි බවයි පවසන්නේ.