Gossips

ක්‍රිකට් නිලවරණය කල් යන ලකුණු

ලබන පෙබරවාරි 7 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය දින නියමයක් නොමැතිව කල්යාමේ අවදානමක් මතුව තිබෙනවා.
ඒ, වත්මන් අමාත්‍ය මණ්ඩලයේ කාර්ය පටිපාටියන් අධිකරණ තීන්දුවක් මගින් අත්හිටුවා තිබීම හේතුවෙන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට දින නියමවීමට පෙර ඡුන්ද හිමි ක්‍රීඩා සමාජවල නාමලේඛනය සඳහා නිලවරණ කමිටුවට විරෝධතා 4 ක් ඉදිරිපත්ව තිබුණා.
එම විරෝධතා විභාග කළ නිලවරණ කමිටුව තීරණය කළේ ඇතැම් ක්‍රීඩා සමාජ සඳහා ඡන්ද අයිතිය ලබා නොදීමටයි.
ඒ අනුව දකුණු පළාත් ක්‍රිකට් සංගමය ඇතුලු සංගම් කිහිපයක් නිලවරණ කමිටුවේ තීරණයට එරෙහිව හිටපු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට අභියාචනයක්ද ඉදිරිපත් කළා.
නමුත් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ බලතල අධිකරණ තීන්දුවක් මගින් අත්හිටුවා ඇති හෙයින් නිලවරණයට පෙර නාමයෝජනා කැඳවීම ඇතුලු සියලු ක්‍රියා පටිපාටීන් ගැටළු සහගත තත්ත්වයක් මතුකර තිබෙනවා.