Gossips

ක්‍රිකට් නිලවරණයෙන්, මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්නගේ, නම් ප්‍රතික්ෂේප වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා ඉදිරිපත් වූ මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්නගේ නාම යෝජනා අභියාචනා කමිටුවේ ප්‍රතික්ෂේප වී තිබෙනවා.
අදාළ කමිටුවේදී නිලවරණය සඳහා සුදුසුකම් ලැබූ නම් සහ නුසුදුසු නම් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමුකළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
මෙම නිලවරණයේදී 2019 සිට 2021 වර්ෂය සඳහා සභාපති, උප සභාපතිවරුන් දෙදෙනෙකු, උප ලේකම්වරයෙකු, භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරිය යන තනතුරු සඳහා නිලධාරින් පත් කර ගැනීමට නියමිතයි.
මේ අනුව, දෙසැම්බර් 7 වනදා මෙම නිලවරණය සඳහා නාම යෝජනා කැඳවූ අතර, ඉදිරිපත්ව තිබූ අයදුම්කරුවන් 6 දෙනෙකුට විරුද්ධව අභියාචනා නිලවරණ කමිටුව වෙත විරෝධතා ඉදිරිපත්ව තිබුණා.
ඒ අනුව, මෙම විරෝධතා සියල්ල විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායකගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මගින් අධ්‍යයනය කරනු ලැබුවා.
ඒ අනුව, අදාල අභියාචනා කමිටුවේ තීරණයට අනුව විරෝධතා ඉදිරිපත්ව තිබූ මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න නිලවරණයට නුසුදුසු අය ලෙස නිර්දේශ කර තිබෙනවා.
එසේම, විරෝධතා ඉදිරිපත්වී තිබූ ජයන්ත ධර්මදාස, ශම්මි සිල්වා, බන්දුල දිසානායක සහ ලලිත් රඹුක්වැල්ල ගොනුකර තිබූ විරෝධතා ප්‍රතික්ෂේප කොට ඔවුන් නිලවරණයට සුදුසු බවට ද අදාළ කමිටුව නිර්දේශ කර තිබුණා.