Gossips

ක්‍රිකට් තරඟ පාවාදීමකට කළ, තවත් යෝජනාවක් ගැන හෙළිදරව්වක්

2015 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති තරඟයේදී පන්දු දෙකක් මඟ හැර සිටීම සඳහා තමාට ඇමරිකානු ඩොලර් දෙලක්ෂයක් පිරිනැමීමට ඔට්ටු තබන්නන් සූදානම් වූ බවට උමාර් අක්මාල් රූපවාහිනියකට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුගෙන් කරුණු විමසා තිබෙනවා.
ඉන්දීය තරඟයට සහභාගි නොවී සිටීම සඳහා ඊටත් වඩා වැඩි මුදලක් ලබාදීමට ඔවුන් සූදානම් වුවත් තමා එය ප්‍රතික්ෂේප කළ බවයි අක්මාල් අදාළ රූපවාහිනී සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ.