Gossips

ක්‍රිකට් තරගය අතරතුර උණුසුම් තත්ත්වයක් – 10 ක් අත්අඩංගුවට

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ ඊයේ පැවති දෙවන එක්දින තරගය අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු දඹුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධියෙන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරක්ෂාවට යොදවා සිටි පුද්ගලයෙකු සහ තවත් අයෙකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කළහකාරී සිද්ධිය ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සමඟ ඊයේ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලූ 4 ක ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.