Gossips

ක්‍රිකට් ජීව ගුණය ගැන MCCය කතා කරයි

ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීතිවල බුද්ධිමය දේපළ හිමිකරු මෙන්ම එහි ජීව ගුණය සුරැකීමේ භාරකරු ලෙස සැලකෙන එංගලන්තයේ එම්.සී.සී. ක්‍රීඩා සමාජය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වර්තමාන හැසිරීම පිළිබදව කණස්සල්ල පළ කරනවා.
එමගින් ප්‍රකාශ කළේ මුල් පෙළේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධිය ක්‍රීඩකයන්ගේ හැසිරීම පහත් අඩියකට ඇද වැටීම පිළිබද උදාහරණයක් බවයි.
මෙරට පැවති නිදහස් කුසලාන තරඟාවලියේදී බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් කණ්ඩායමේ ක්‍රීඩකයන් යළි ක්‍රීඩාගාරයට කැදවීමට ගත් උත්සාහය ද එම්.සී.සී. නිවේදනය මගින් සිහිපත් කර තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය මෙලෙස පහළ වැටීම අනාගත පරපුරට වැරදි පූර්වාදර්ශයක් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාලෝලීන්ට අසාධාරණයක් බව එමගින් සඳහන් කළා.
මේ අතර, පන්දුව පළුදු කිරීමේ සිද්ධියට අදාළව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු ඩැරන් ලීමන් සිකුරාදා ඇරඹෙන හතරවන ටෙස්ට් තරඟයට පෙර සිය තනතුරෙන් ඉවත් වීමට නියමිත බව ද වාර්තා වනවා.