Gossips

ක්‍රිකට් කොන්ත්‍රාත්තු වෙනස් වෙයි

ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම සංශෝධනයට ලක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ, අනුව නව කොන්දේසි කිහිපයක් ඊට ඇතුලත් කර ඇති අතර ජ්‍යෙෂ්ඨතාවය පදනම් කරගනිමින් වැටුප් ගෙවීමේ ක්‍රමවේදය වෙනුවට දක්ෂතා මත පමණක් ගෙවීම් කිරිමට නව ගිවිසුමෙන් යෝජනා කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කලේ.
එක්දින ලෝක කුසලානයට සහභාගි වන සංචිතය නම් කිරිමෙන් පසු නව කොන්ත්‍රාත් ගිවිසුම ක්‍රිඩකයින් වෙත ලබාදීමට අපේක්ෂා කරන බව අප කළ විමසීමකදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සඳහන් කළා.