Gossips

ක්‍රිකට් කණ්ඩායම ගැන චන්දික හතුරුසිංහගෙන් ප්‍රකාශයක්

බලාපොරොත්තු නොවූ ඇතැම් කරුණු නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලසීමාව තුළ පසුබෑමට ලක්වූ බව පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා.
දකුණු අප්‍රිකාව සමඟ හෙට ආරම්භවීමට නියමිත පළමු ටෙස්ට් තරගයට පෙර අදහස් දක්වමින් ඔහු සඳහන් කර තිබුණේ එහි වගකීම තමන් ඇතුලු කණ්ඩායම විසින් භාරගත යුතු බවයි.
උපරිම දක්ෂතා පෙන්නුම් නොකිරීම නිසා වටිනා අවස්ථා කිහිපයක් මගහැරී ගිය බවද හතුරුසිංහ එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ප්‍රථම ටෙස්ට් තරඟය හෙට ඩර්බන් හිදී ආරම්භ වීමට නියමිතයි.
දිමුත් කරුණාරත්න, හෙට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති.