Gossips

ක්‍රිකට් කණ්ඩායමට පාකිස්ථානයේදී එල්ල වූ ප්‍රහාරයට වසර 10 යි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණය ආසන්නයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී අදට දස වසරක් සපිරෙනවා.
පාකිස්ථානය සමඟ පැවති දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය සඳහා ක්‍රීඩාංගණය වෙත පැමිණෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැගත් බස් රථයට ත්‍රස්තවාදීන් 12 දෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අතර, එහිදී පාකිස්ථාන පොලිස් භටයන් හයදෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
තිලාන් සමරවීර, කුමාර් සංගක්කාර, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස්, නායක මහේල ජයවර්ධන සහ සුරංග ලක්මාල් එහිදී තුවාල ලැබූ අතර, තරංග පරණවිතානට සහ තිලාන් සමරවීරට තරමක් බරපතල තුවාල සිදුවීම නිසා රෝහල් ගත කිරීමටද සිදුවුණා.
ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ටෙ‍්‍රවර් බේලි සහ සහය පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් මෙන්ම විනිසුරුවෙකු වූ අෂාන් රාසාද එහිදී තුවාල ලැබුවා.
මෙම සිද්ධියෙන් පසු පාකිස්ථානය වෙත ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා කණ්ඩායම් පැමිණීම මෑතක් වනතුරු නතරවී තිබුණා.