Gossips

ක්‍රිකට් උපන් රටේදීම නොසිතූ ලෙස ක්‍රිකට් පිටිය සැණකෙළියක් කළ හැටි

එක්දින තරඟ ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමන් සතු කරගන්නට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත්වුනේ ඔස්ට්‍රේලියාව සමග පැවති තුන්වන එක්දින තරගයේදී.
නොටින්හැම් හි පැවති මෙම තරගයේදී එංගලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 50 තුල කඩුලු 6ක් දැවී ලකුණු 481ක් රැස්කළා.
මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේද 2016 වසරේදී පකිස්තානයට එරෙහිව කඩුලු 3කට ලකුණු 444ක් ලබා ගත් එංගලන්ත කණ්ඩායමයි.
කෙසේ වෙතත් වසර ගණනාවක් එක්දින තරඟ ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාවට හිමිකම් කීවේ ශ්‍රී ලංකාවයි.
ඒ 2006 වසරේදී නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 9ක් දැවී රැස්කළ 443යි.
ඊයේ තරඟයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රීඩක JM Bairstow සහ AD Hales ශතක රැස්කරගත්තා.
JM Bairstow පන්දු 92 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 15 ක් සමඟ රැස්කළ ලකුණු සංඛ්‍යාව 139ක්.
AD Hales පන්දු 92 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 16 ක් සමඟ රැස්කළ ලකුණු සංඛ්‍යාව 147ක්.
JJ Roy පන්දු 61 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමඟ රැස්කළ ලකුණු සංඛ්‍යාව 82ක්.
එංගලන්ත ඉනිම තව තවත් ඉහලට එසවූ අවසානයේ පිටියට පිවිසි එංගලන්ත නායක EJG Morgan ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළා.
එහිදී ඔහු පන්දු 30 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමඟ රැස්කළ ලකුණු සංඛ්‍යාව 67ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ TM Head හැරුණුවිට සෙසු සියලු පිතිකරුවන් අර්ධ ශතකයට පෙර ක්‍රීඩාගාරයට හරවා යැවීමට එංගලන්ත පන්දු යවන්නන් සමත්වූවා.
TM Head පන්දු 39 කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 51 ක් රැස්කළා.
සුපිරි පන්දු යැවීමක නිරතවූ AU Rashid පන්දුවාර 10 ක් යොමුකරමින් ලකුණු 47කට කඩුලු 4 ක් දවාගැනීමට සමත්වූවා.
MM Ali කඩුලු 3 ක් දවාගත් අතර DJ Willey කඩුලු 2 ක් දවාගත්තා.
සියලු දෙනා දැවී ඕස්ට්‍රේලියා පිතිකරුවන් රැස්කරගත්තේ ලකුණු 239 ක් පමණයි.
ඒ අනුව ලකුණු 242 කින් තරඟයේ ජය හිමිකරගත්තේ එංගලන්තයයි.
ලෝකෙම අවධානය යොමුවූ එම සුවිශේෂ තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrnrn