Gossips

ක්‍රිකට් ඉතිහාසයේ ලාබාලතම සුපිරි ක්‍රීඩකයා කණ්ඩායමේ නායකත්වයට පත්කරයි

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකයා ලෙස රෂීඩ් ඛාන් නම්කිරීමට එරට් ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ එම කණ්ඩායමේ නිත්‍ය නායක Asghar Stanikzai හදිසියේ රෝහල්ගත වීමට සිදුවීම හේතුවෙන්.
ඔහුගේ උදරයේ සැත්කමක් සිදුකිරීමට සිදුව ඇති බවයි එහිදී වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ.
ඒ අනුව Asghar Stanikzai ගෙන් පුරප්පාඩු වන ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකත්වයට මෙලෙස රෂීඩ් ඛාන් නම්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව ලෝකයේ ලාබාලතම කණ්ඩායම් නායකයා ලෙසයි 19 හැවිරිදි රෂීඩ් ඛාන් ක්‍රිකට් ඉතිහාසයට එක්වන්නේ.
මේ අතර රෂීඩ් ඛාන් බොහෝදෙනෙකුගේ අවධානය යොමුවන්නේ පසුගියදිනක ඔහු විස්සයි විස්ස සහ එක්දින ICC පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි අංක එකට පැමිණීමත් සමඟයි.
රෂීඩ් ඛාන් මේ වනවිට එක්දින තරඟ 37 කට සහභාගී වෙමින් කඩුලු 86 ක් දවාගැනීමට සමත්ව තිබෙනවා.
විස්සයි විස්ස තරඟ 29 කට ක්‍රීඩා කළ රෂීඩ් මේ වනවිට ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 47ක්.
ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහභාගීවන 2019 වසරේ ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ සිම්බාබ්වේහිදී ආරම්භවීමට නියමිතයි.
රෂීඩ් නායකත්වය දරන එහි ප්‍රථම තරඟය ස්කොට්ලන්තයට එරෙහිව බුලවායෝ හිදී මාර්තු 4 වනදා ඇරඹෙනු ඇති.
රෂීඩ් ඛාන් ගේ සුපිරි පන්දුයැවීමක් පහතින්.

හදිස්සියේ ම රෝහල්ගතකළ Asghar Stanikzai.