එළඹෙන එංගලන්ත සංචාරයේ විකාශන අයිතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය මුල්‍ය වංචාව ගැන පරීක්ෂණ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.
ඒ පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුවයි.
අභියෝගාත්මක තරගාවලියක් නිසා ආසියානු කුසලානය සඳහා අත්දැකීම් සහිත කණ්ඩායමක් නම් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා.
ක්‍රිකට් ආයතනයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ලසිත් මාලිංග කණ්ඩායමට එක්වීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට ඔහු පිළිතුරු ලබාදුන්නා.
