Gossips

ක්‍රිකට් ආයතනයෙන් මාලිංගට රතු එළියක්

අදින් ආරම්භ වන සුපිරි පළාත් එක්දින තරගාවලියට සහභාගි නොවුණොහොත් ජාතික කණ්ඩායම තෝරාගැනීමේදී ලසිත් මාලිංග පිළිබඳව සළකා නොබලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මේ බව කියා සිටියා.
සුපිරි පළාත් එක්දින තරගාවලිය ලබන 17 දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා පළාත් හතරක කණ්ඩායම් 4 ක් එක්වනවා.
ලසිත් මාලිංග නම් කර ඇත්තේ දඹුල්ල කණ්ඩායමටයි.
rnrn