ක්‍රිකට් නිලවරණය පැවැත්වෙනතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සදහා පංච පුද්ගල කමිටුවක් පත් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා කමිටුවේ ප්‍රධානියා විය යුතු බවයි එහිදී ඔවුන් සදහන් කර ඇත්තේ.
ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහ අයි.සී.සී. බලධාරින් අතර සාකච්ඡාවක් ඩුබායිහි දී අද පැවති අතර, එහිදී මෙම උපදෙස් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.