විශේෂ මහා සභා රැස්වීමක් කැදවා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදුකර, ඉදිරි නිලවරණය පැවැත්වීමට අදාළ කටයුතු සිදුකිරීමට කාලය ලබාදෙන්නැයි වත්මන් ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මේ බව කියා සිටියේ කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
අධිකරණය නිලවරණය වළක්වමින් ඊයේ ලබාදුන් අතුරු තහනම් නියෝගයෙන් අපේක්ෂා කළ කරුණු ඉටු කිරීම සදහා මෙම පියවර ගත හැකි බව ඔහු එහිදී සදහන් කළා.
