අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් එහි ආචාරධර්ම පද්ධතිය යාවත්කාලීන කර තිබෙනවා.
ඒ අනුව ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් නව වැරදි 4 ක්ද හඳුන්වාදී ඇති බව සඳහන්.
අසාධාරණ අන්දමින් පිටිය තුළ වාසියක් ලබාගැනීමට උත්සාහ කිරීම හෝ ක්‍රීඩකයන්ට පෞද්ගලිකව අපහාස කිරීම දෙවන සහ තුන්වන මට්ටමේ වැරදි ලෙස හඳුන්වා තිබෙනවා.
විනිසුරුගේ උපදෙස් හෝ තීරණයට එරෙහිව ප්‍රතිචාර දැක්වීම පළමු මට්ටමේ දැඩි වරදක් ලෙසයි දැන් සැළකෙන්නේ.
