නවසීලන්තයේ – ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ලවූ සුදු අන්තවාදියෙකුගේ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 36 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.
මියගිය පනස්දෙනා අතුරෙන් පස්දෙනෙකු ඉන්දියානුවන් බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ පැවති යාඥා මෙහෙයට ඇෆ්ගනිස්ථානය, සිරියාව, ජෝර්දානය, පාකිස්ථානය, සෞදි අරාබිය, ඊජිප්තුව ආදී රටවල් රැසකින් පැමිණි නවසීලන්තයේ පදිංචිවූවන් සහභාගිවී සිටි බව සඳහන්.
මේ අතර ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන ඕස්ටේ්රලියානු ජාතික 28 හැවිරිදි බ්‍රෙන්ටන් ටැරන්ට් එම ප්‍රහාරය තනිවම දියත් කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් අනෙක් තුන්දෙනා ඊට සම්බන්ධ නොමැති බව විශ්වාස කරන්නේ යැයිද පොලීසිය සඳහන් කළා.
කෙසේ නමුත් ඔවුන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹී නැහැ.