Gossips

ක්‍රයිමියාවට ඔබ්බෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් ගිනි ගනී

රුසියාවට අයත් ක්‍රයිමියාවට ඔබ්බෙන් කළු මුහුදේ දී භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් ගිනි ගැනීමට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
නෞකා ගිනි ගැනීමත් සමඟ මුහුදට පැන ඇති නාවිකයන් සොයා රුසියාව මෙහෙයුමක් ආරම්භ කළ අතර, ඔවුන් මේ වන විට නැවියන් 14 දෙනෙකු මුදාගෙන ඇති බව සඳහන්.
මින් එක් නෞකාවක් ගෑස් ප්‍රවාහන නෞකාවක් වන අතර එමගින් අනෙක් නෞකාවට ඉන්ධන සැපයීමේදී නෞකා දෙකම ගිනි ගැනීමට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
වෙනිස් සහ මයෙස්ත්‍රෝ යන නෞකා මෙලෙස අනතුරට ලක්වී ඇති අතර ඒවායේ තුර්කිය, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක නැවියන් සිටි බවයි වාර්තා වන්නේ.