Gossips

ක්ෂීර පථයෙන් පිටතත් ග්‍රහලෝක

පෘථිවිය ඇතුළත් සූර්යග්‍රහ මණ්ඩලය පවතින ක්ෂීර පථය චක්‍රාවාටයෙන් පිටත මන්දාකිණියකින් ප්‍රථම වරට ග්‍රහලෝක පෙළක් සොයාගෙන තිබෙනවා.
ඇමරිකානු ඔක්ලොහෝමා සරසවියේ තාරකා විද්‍යා මහාචාර්යවරයෙකු මේ බව අනාවරණ කර ඇත්තේ නාසා ආයතනයේ අභ්‍යාවකාශයේ පිහිටි එක්ස් කිරණ පරීක්ෂණාගාරයේ දත්ත විශ්ලේෂණය කිරීමෙන්.
මෙතෙක් ක්ෂීර පථයෙන් පිටත ග්‍රහලෝක පවතින බවක් සොයාගෙන තිබුණේ නැහැ.
එහෙත් පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 3.8ක් පමණ ඈතින් වූ චක්‍රාවාටයක පෘථිවියට සමාන ප්‍රමාණයේ මෙන්ම සූර්යග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහලෝකය වන බ්‍රහස්පතී තරම් විශාල ග්‍රහලෝක ද නිරීක්ෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.