Gossips

කළු සාගරගේ ප්‍රධාන ගෝලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කළු සාගරගේ ප්‍රධාන ගෝලයෙකු වන සචිත් ගයාන්, පන්නිපිටිය – පැලැන්වත්ත ප්‍රදේශයේදී ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 76කට ආසන්න ප්‍රමාණයක් ද සොයාගෙන ඇති බව සඳහන්.
34 හැවිරිදි සැකකරු මහරගම – පැරකුම් මාවතේ පදිංචි පුද්ගලයෙකු වන අතර ඔහු අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.