Gossips

කළු ලැයිස්තුවෙන් ඉවත්වීමට සැළසුම්

යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීම සඳහා ක්‍රියාකාරී සැලැස්මකට අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මේ බව කියා සිටියා.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සහ වානිජ බැංකු අතර, ගණුදෙනු සිදුකරන ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ඊයේ (14) රැස්වූ මහ බැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය සහ ස්ථාවර නිකුතු පහසුකම් අනුපාතය සියයට 7.25 ක් සහ 8.75 ක් ලෙස තවදුරටත් නොවෙනස්ව පවතිනු ඇති.