කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන චීන කොන්ත්‍රාත් සමාගමක සේවය කරන චීන ජාතික කම්කරුවන් පිරිසක් එම සමාගම යටතේ සේවය කරන මෙරට කම්කරුවන් පිරිසක් විසින් අද නිවාස අඩස්සියට ගනු ලැබුවා.
ඒ, දේශීය කම්කරුවන් සඳහා ගෙවනු ලබන දෛනික වැටුප රුපියල් 200 කින් කප්පාදු කිරීම සහ රුපියල් 9000 ක මාසික දීමනාව අත්හිටුවීමට චීන කොන්ත්‍රාත් සමාගම තීරණය කර ඇති බව පවසමින්.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය චීන කොන්ත්‍රාත් සමාගමේ දේශීය කම්කරුවන් භාර නිලධාරීයාගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ කළු ගඟ ජලාශයේ ඉදිකිරීම්වල වැඩ අවසන් අදියරේ පැවතීම නිසා අදාළ තීරණය ගෙන ඇති බවයි.
