Gossips

කළු ගඟ රන්දියවර රැඳවුම් මංගල්‍යය හෙට ජනපති ප්‍රධානත්වයෙන්

මොරගහකන්ද – කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය සහ රජරටට කඳු රට එක්කරන මොරගහකන්ද – කළුගඟ උමං මාර්ගයේ ඉදිකිරීම් ඇරඹීම හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මාතලේ දිස්ත්‍රික්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටි ප්‍රදේශයේ කළුපහන ප්‍රදේශයෙන් ආරම්භ වන කළු ගඟ, ලග්ගල – පල්ලේගම ප්‍රදේශයේදී හරස් කරමින් කළු ගඟ ජලාශය නිර්මාණය වනවා.
එමෙන්ම මොරගහකන්ද – කළුගඟ ජලාශ සම්බන්ධ කරන කිලෝමීටර 9 ක දිගින් යුත් උමඟ සහිත ඇළ මාර්ගයේ ඉදිකිරීමද හෙට ආරම්භවන අතර, එය ඉදිරි මාස 36 තුළදී ඉදිකර අවසන් කිරීමට අපේක්ෂිතයි.