Gossips

කළු ගඟේ අවදානම් තත්ත්වය ඉහළට

කළු ගඟේ ජල මට්ටම අද රාත්‍රි කාලයේ ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳ දැඩි අවධානයකින් පසුවන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
මේ අතර ගිං ගඟේ ජල මට්ටම නෙළුව ප්‍රදේශයෙන් යළි සුළු වශයෙන් වැඩිවීමක් පෙන්නුම් කරන බවයි වාර්තාවන්නේ.
එම නිසා ඒ අවට පහත් බිම් කිහිපයක් ජලයෙන් යටවී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ බෙංගාල බොක්කේ පවතින කැළඹිලි සහගත තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වුවහොත් ඉදිරි දින කිහිපයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවයි.
එසේම අද රාත්‍රි කාලයේදීත් පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව කියා සිටියා.