Gossips

කළු ගඟෙන් හමුවූ කාන්තා මළ සිරුර

කළුතර උතුර පොලිස් වසමේ බන්ධනාගාරය පිටුපස පිහිටි කළු ගඟේ තිබී තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ලද තොරතුරකර අනුව ඊයේ (04) පස්වරුවේ මෙම සිරුර සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
සොයාගත් මළ සිරුර අවුරුදු 22ක් වයසැති තරුණියකගේ බවට හඳුනාගෙන තිබෙනවා.
එරන්දිකා හංසමාලි නැමැති අදාල තරුණිය කෙත්හේන, තෙබුවන ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවට කරුණු අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඇයගේ දෙමව්පියන් පැමිණ සිරුර හඳුනාගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) නාගොඩ රෝහලේදී සිදුකිරීමට නියමිත බව සඳහන්.
කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදුකරනු ලබනවා.