Gossips

කළුතර සුරැකීමේ සංවිධානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වෙයි

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඇතුළු කළුතර සුරැකීමේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (20) බලහත්කාරයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුළු වුණා.
ඒ, කළුතර – කැලිඩෝ වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම සඳහා බලධාරීන් නිසි පියවරක් නොගන්නා බවට චෝදනා කරමින්.
කළුතර සුරැකීමේ සංවිධානයේ නියෝජිතයින් කැලිඩෝ වෙරළ තීරය නිරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණි අතර, එහිදී කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් සහ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අතර සංවාදයක් ඇතිවුණා.
මුහුදු රළින් කැලිඩෝ වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට ගෙන ඇති පියවර සහ කළුතර සුරැකීමේ සංවිධානය එල්ල කරන චෝදනාව පිළිබදව අප වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්තිගෙන් ද විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ වෙරළ ආරක්ෂක කටයුතු සඳහා විධිවිධාන යොදා ඇති බවයි.