කළුතර – උතුර තොටුපළ මංසන්ධියේදී සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු තුවාල ලබා කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඊයේ රාත්‍රී 10.35ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ කළුතර – උතුර ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක්.
වෙඩි තැබීම සිදුකර පළා ගිය සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, පෞද්ගලික ආරවුලක් මත මෙය සිදුකර ඇති බවට සාධක පවතින බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
