Gossips

කළුතර ව්‍යාපාරිකයාට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

කළුතර – උතුර තොටුපළ මංසන්ධියේදී හෝටල් ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට පැමිණි දෙදෙනාගෙන් එක් අයෙකු පයාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ 35 හැවිරිදි සැකකරු කළුතර – උතුර පොලිසියේ නිලධාරීන් පිරිසක් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔහු සතුව තිබී බ්‍රවුනින්ග් වර්ගයේ පිස්තෝලයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙම ව්‍යාපාරිකයා සිය බිරිඳ සමඟ නිවසේ සිට ඔහුගේ හෝටලය බලා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණේ පසුගිය පළමුවනදා රාත්‍රියේයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු කළුතර – උතුර ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා මේ වන විට කළුතර – නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර පසුගිය වසරේ ජනවාරි 1 වනදා සිට නොවැම්බර් මස 30 වනදා දක්වා දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී නීතිවිරෝධී ගිනි අවි 1064 ක් සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කළා.
ඊට ටී 56 ගිනි අවි 191 ක්, පිස්තෝල 90 ක්, බෝර දොළහේ ගිනි අවි 55ක්, ගල්කටස් වර්ගයේ ගිනි අවි 34 ක් සහ බඳින තුවක්කු 632 ක් ඇතුලත්. එමෙන්ම නීති විරෝධී ගිනි අවි ලඟ තබා ගැනීමේ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් 865 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.