කළු ගඟට ලවණ ජලය මිශ්‍ර වීම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙලක්ෂ 81,236 කට පානීය ජලය ලබාදීමේදී ගැටළු මතු වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
ජලසම්පාදන මණ්ඩලයද මීට පෙර ප්‍රකාශ කළේ කළුතර – කෙත්හේන ජල පවිත්‍රාගාරය මගින් බෙදාහරින ජලය පානය කිරීම සඳහා නිර්දේශ නොකරන බවයි.
මේ දිනවල පවතින වියලි කාලගුණයත් සමඟ කළු ගෙඟ් ජල මට්ටම පහත බැසීමෙන් මෙලෙස ලවණ ජලය මිශ්‍රවී ඇති අතර, පවතින අවශ්‍යතාව සළකා බලා කෙත්හේන පවිත්‍රාගාරයෙන් අඛන්ඩව ජලය නිකුත් කෙරෙනවා.
කෙසේ වෙතත්, ස්නානය සහ සේදීම් කටයුතුවලට එම ජලය යෝග්‍ය වුවත් පානය කිරීම සඳහා සුදුසු නොවන බවයි ජලසම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ.
කෙත්හේන පවිත්‍රාගාරයෙන් ජලය බෙදාහැරෙන දොඩංගොඩ, කළුතර, බේරුවල සහ පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවට බවුසර් යොදා ගනිමින් පානීය ජලය සපයන බවයි කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ කර්නල් සුජිත් කුලසේකර සඳහන් කළා.
මේ අතර, පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩිම පවුල් සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇත්තේ අම්පාර සහ මන්නාරම දිස්ත්‍රික්කවලයි.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ එම පවුල් සඳහා පානීය ජලය ලබාදීමට කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ අංශ වෙත මේ වනවිටත් දැනුම් දී ඇති බවයි.
මින් ඉදිරියට ඇතිවන සෑම ආපදා තත්ත්වයකදීම පීඩාවට පත්වූවන් සඳහා සතියක් තුළ වන්දි ප්රදානය කර අවසන් කිරීමට තීරණය කර ඇති බවද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.