Gossips

කළුතර ප්‍රදේශ කිහිපයකට ලබන සඳුදා ජලය කැපේ

කළුතර – කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් ජලය සපයන ප්‍රදේශ කිහිපයකට ලබන සඳුදා පෙරවරු 8 සිට පැය 11 හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.
ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ සහ පයාගල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
ඊට අමතරව මග්ගොන, බේරුවල, කළුවාමෝදර, අලූත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට ද ලබන සඳුදා මෙම ජල සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මක බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.