කළුතර – කෙත්හේන ජල පවිත්රාගාරයේ විදුලි ට්රාන්ස්ෆෝමරයක් බිඳ වැටීම හේතුවෙන් බෙන්තොට සිට වාද්දුව දක්වා එම පවිත්රාගාරයෙන් ජලය බෙදාහැරෙන ප්රදේශවල ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව බෙන්තොට, වාද්දුව, කළුතර උතුර සහ දකුණ, මග්ගොන, බේරුවල, අලූත්ගම, පයාගල, දර්ගා නගරය යන ප්රදේශවලට අද පස්වරු 03 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.