Gossips

කළුතර නගර සභාවේ වැඩ අධිකාරීවරයෙකුට සිර දඩුවම්

අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට වරදකරු වූ කළුතර නගර සභාවේ වැඩ අධිකාරිවරයෙකුට බරපතල වැඩ සහිත වසර 04ක සිරදඩුවම් කොළඹ මහාධිකරණය අද නියම කළා.
ඒ මෙම නඩුව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
2011 වසරේ දෙසැම්බර් මස 23 වනදා කළුතර නගර සභාවේ පවතින වාහන රක්ෂණය කිරීම සඳහා රක්ෂණ සමාගමකට සහය ලබාදෙන බවට පවසමින් මොහු රුපියල් 15,000ක අල්ලසක් ලබා ගැනීමට උත්සහ කළ අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ.