Gossips

කළුතර දී තරුණයෙකුට කඩුවලින් පහරදෙයි (සංවේදී දර්ශණ සහිතයි)

වයස අවුරුදු 25 ක තරුණයෙකුට පසුගිය අප්‍රේල් මස 24 වැනිදා දහවල් කළුතර ප්‍රදේශයේ හෝටල් රථ ගාලකදී පුද්ගලයන් දෙදෙනෙකු කඩුවලින් පහර දී තිබෙනවා.
පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ ඥාතීන් පවසන්නේ ප්‍රදේශයේ ක්‍රියාත්මක මැර කල්ලියක් මෙම පහරදීම සිදුකර ඇති බවයි.
පහරදීම සිදුවන අවස්ථාවේ දර්ශන අදාල ස්ථානයේ තිබූ ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබුනා.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ජයශාන්ත කුරේ නමැති සංචාරක මග පෙන්වන්නෙක්.
පහරදීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයට පොලිස් රථවාහන අංශයේ නිලධාරියෙකු පැමිණෙන අයුරුද දැකගත හැකියි.
පොලිස් නිලධාරියා සිටියදීම අදාළ සැකකරුවන් එම ස්ථානයෙන් පළා ගියා.
ප්‍රහාරයෙන් ශරීරයේ ස්ථාන 10 ක කැපුම් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිටත් නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මෙම පහරදීමට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඥාතීන් පවසන්නේ පහරදීම සිදුවූ රාත්‍රියේ අදාළ මැර කල්ලිය මෙම පුද්ගලයාගේ නිවසට සහ ඔහු රෝහල්ගත කළ සමීපතම මිතුරෙකුගේ නිවසට ද පහරදී අලාභ හානි සිදුකර ඇති බවයි.
සංවේදී දර්ශන නැරඹීමට නොහැකි අය මෙය නැරඹීමෙන් වළකින්න.