Gossips

කළුතර දිසාපතිට සති දෙකක්

කළු ගඟ මෝය ආසන්නයේ පවතින කැලිඩෝ වෙරළ තීරයේ ඛාදනය වැළැක්වීමට සති දෙකක් තුළ පියවර නොගතහොත් දැවැන්ත විරෝධතාවක් සිදුකරන බව සිංහල රාවය සංවිධානයේ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ප්‍රකාශ කළා.
වෙරළ ඛාදනය නිසා කළුතර බෝධීන් වහන්සේ අනතුරට ලක්ව ඇති අතර, කළු ගඟට ලවණ ජලය මුසුවීම නිසා පානීය ජල අර්බුදයක්ද මතුව ඇති බවයි අද එහි සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව උන්වහන්සේ ප්‍රකාශ කළේ.
මේ අතර, අමාත්‍ය මහින්ද සමරසිංහගේ ප්‍රධානත්වයෙන් අද පැවති කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදීද මේ පිළිබඳව සාකච්ඡාවට ලක්වුණා.
එහිදී අමාත්‍යවරයා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේ එහි සංරක්ෂණ කටයුතු හෙට දිනයේදීම ආරම්භ කරන ලෙසයි.
එහි පළමු අදියරේ කටයුතු සඳහා රුපියල් මිලියන 05 ක මුදලක් වෙන්කර ඇති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
එහිදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට පැමිණි නිලධාරීයා සහ අමාත්‍යවරයා අතර සංවාදයක් ඇතිවුණා.